brand logo

ඉදිරි මැතිවරණවලදී ජන්දය දෙන්නේ මෙන්න මෙහෙමයි

13 December 2018

ඕනෑම පුද්ගලයෙකු ඡන්දයක් ලබා දීමේ දී කලගුණ සැලකීමට වඩා ඔවුන් ගේ ප්‍රතිපත්ති හා උගත් කම බලා තම ඡන්දය ලබා දීමට හුරු වුවහොත් වඩා යහපත් රටක් නිර්මාණය කර ගත හැකි බව ගාල්ල දිසත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ. යු. චන්ද්‍රලාල් මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ පසුගිය 10 දින ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති මැතිවරණ සම්බන්ධයෙන් රජයේ නිළධාරීන් හා සිවිල් සංවිධාන පුද්ගලයින් දැනුවත් කිරීමේ රැස්වීමක දීය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය, අද බෙහෝ අය ඡන්දය භාවිතා කිරීමේ දී තමන්ට රැකියාව ලබා දීම, පාර හදා දීපුඑකට, මල ගෙදර මඟුල් ගෙදර ආපු එක වගේ දේවල් ගැන හිතලා තමයි ඡන්දය දෙන්නේ. නමුත් මේක මීට වඩා හොද තැනකට එන්න ඕන. එවිට මේ ඡන්දය ලබා දෙන ජනතාවටම ඡන්දෙන් පස්සේ ඒ අයට චෝදනා කරන්න අවශ්‍ය නැති වේවි. ඒ නිසා මා කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබේ සර්ව ජන ඡන්ද බලය භාවිතා කර ඔබේ දරුවට , මේ රටට අනාගතයක් හැදිය හැකි අය පමණක් ඔබේ ඡන්දය භාවිතා කරන්න කියලා. අපි බෞද්ධයෝ විදියට කෘතගුණ සැලකීම උතුම් කොට සලකනවා. බුදුන් වහන්සේ බෝගසට ඒ වගේ දෙයක් කරා. නමුත් ඒක හැම තැනටම ගැලපිය නොහැකි බව ද සිතිය යුතු වෙනවා. අපි ඔය ධනේෂ්වර කියන රටවල ඔය තත්වය තියෙන්නේ . දැන් උදාහරණයක් ලෙස ඕස්ට්‍රේිලියාවේ ජනතව ඡන්දය ගැන ලොකු උනන්දුවක් නෑ. හැබැයි ඒ රටේ නීතියක් තියනවා. ඡන්දය භාවිතා කරේ නැත්නම් දඩ මුදලක් ගෙවිය යුතුයි කියලා. දැන් අපි හිතනවා අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන මම මගේ උපාධියකට පිටරකට ගිය අවස්ථාවේ අපේ ප්‍රා දේශීය ලේකම් කාර්යාල වගේ ඒ රටේ එකකට ගියා. මට විනාඩි 30 ඇතුලත දරුවන්ට පාසල් ලැබුණා. ඒ රටේ හැදුණුම්පත් ලැබුණා. ඉන්ෂුරන්ස් එකක් දෙනවා. ඒකට පොඩි ගානක් කැපෙනවා. නමුත් කැපුනට ප්‍රශ්නයක් නෑ. හොද සේවයක් ලැබෙනවා. නිදහස් සෞඛ්‍ය කියලා අපි හිතුවට අපේ රටේ චැනලින් වලට ගෙවන මුදල වගේ භාගයක් ඒ ඉන්ෂුරන්ස් එකට ගෙවන්න ඕන නෑ. ඒ මම කිව්වේ ඔය ධනේෂ්වරයි කියලා හදුන්වන රටවල තත්වය. අපි මේ සමාජවාදී කියලා නමට දාගනිපු රටවල්. අපි සෑම රටක පුරවැසියෙක්ම ආස ආරක්ෂාවක් යටතේ හොද ශරීර සෞඛ්‍යයක් ඇතිව ජීවත් වෙන්න. ඔය කියන ධනේෂ්වර රටවල අවුරුදු 39 පස්සේ සෑම පුද්ගලයෙකුටම බොඩි චෙකප් එකක් කරනවා. ඒකෙන් හැම ලෙඩක්ම බලනවා. ඉතින් ඒ රටවල අපේ රටවලට වඩා ආයු අපේකෂණය අවුරුදු 10 ක් විතර වැඩියි. රජයේ සේවකයින් විදියට ඔබ හැමට වසරකට අවම වශයෙන් එක් අයෙකුට වසරකට 1000 කට වත් සේවය කර හැකියි. ඒසේවය උපරිමයෙන් ඉටු කරන්න. ගාල්ල - සුනෙත් ගාල්ලගේ
 

More News..