brand logo

ඉදිරි මාස 4-5 කොරෝනා වසංගතයේ දරුණුතම කාලය

14 December 2020

ඉදිරි මාස හතරේ සිට හය දක්වා කාලය කොවිඩ් 19 ගෝලීය වසංගතයේ වඩාත් දරුණුතම කාලය වනු ඇති බවට මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල්ගේට්ස් අනතුරු අඟවයි. කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නතක් නිපදවීම සඳහා ගේට්ස් පදනම මගින් ඩොලර් මිලියන ගණනක් පරිත්‍යාග කර තිබේ. ඉදිරියේදී ආරක්ෂණ පියවර නොගතහොත් තවත් දෙලක්ෂයකට අධික ජීවිත හානි වීමට ඉඩ ඇති බව බිල්ගේට්ස් පවසයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ රජයට පසුව විශාලතම අරමුදලක් එන්නත් සඳහා ලබා දී ඇත්තේ තම ගේට්ස් පදනම බව බිලියනපති ව්‍යාපාරික බිල්ගේට්ස් පවසා ඇත. මේ නිසා මුව ආවරණ පැළදීම හා ඒවා හුවමාරු කර නොගැනීම මෙන්ම, දුරස්ථභාවය රැකීම වැනි පුරුදු තුලින් එම අතිරේක මරණ වළක්වා ගත හැකි බව බිල්ගේට්ස්ගේ අදහසයි.
 

More News..