brand logo

ඉදිරි මාස 03නේ තෙල් මිලට වන දේ

23 February 2021

    ඉදිරි මාස තුනක කාලය තුල ඉන්ධන මිල ඉහල දැමීමේ කිසිඳු සුදානමක් නොමැති බව උදය ගම්මන්පිල මහතා සඳහන් කරනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි තවද ඉන්දියාවට පවරාදී ඇති ත්‍රීකුණාමල තෙල් ටැංකි යළි අත්පත් කරගැනීමට කටයුතු කරන්නේද යන්න පිළිබදව ද හේෂා විතානගේ මන්ත්‍රීවරයා විමසා සිටි අතර පිළිතුරු ලබාදුන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරනු ලැබුවේ ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡාකර එම තෙල් ටැංකිවලින් බහුතරයක් ඛනිජ තෙල් සංස්ථාවට ලබාගැනීමට කටයුතු කරන බවකි.    
 

More News..