brand logo

ඉදිරි පැය 48ක් තුළ චීනයේ සිටින ලාංකික සිසුන් 150ක් දිවයිනට

26 January 2020

කොරෝනා වෛරසය පැතිර යමින් තිබෙන චීනයේ වූහාන් (WUHAN) සහ සිචුආන් (Sichuan) ප්‍රාන්තවල වෙසෙන සිසුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන් වහාම ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත. මේ සඳහා ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇත. වූහාන් ප්‍රාන්තයට පිවිසීම හා ඉන් පිටවීම චීන බලධාරින් විසින් දැනට තහනම් කර ඇති අතර තහනම ඉවත් කළ වහාම එහි වෙසෙන සිසුන් ගෙන්වා ගැනීමට සියලු විධිවිධාන සලසා ඇත. සිචුආන් ප්‍රාන්තයේ චෙන්ඩු අග නගරයේ වෙසෙන සිසුන් 150කට ආසන්න පිරිසක් ඉදිරි පැය 48ක් තුළ මෙරටට ගෙන්වා ගැනිමට පියවර ගෙන ඇත. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් යෙදවීමට සැලසුම් කර ඇති බව විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාසඳහන් කළේය.
 

More News..