brand logo

ඉදිරි පැය 36දී සුළඟේ වැඩිවීමක්

03 July 2022

නිරිත දිග මෝසම් සක්‍රීය වෙයි

බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් පවතින සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් එම තත්ත්වය ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සඳහා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත් වලත් විටින් විට හමන සුළඟ පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.
 

More News..