brand logo

ඉදිරි පැය 24 තුළ කාලගුණයේ වෙනසක්

09 November 2018

අන්දමන් මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ දැනට පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පලකරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතුවල නිරතවන ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙසයි. එමෙන්ම මෙම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී සුළං වේගය ක්ෂණිකව පැ.කි.මී. 70-80ත් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවීමට වැඩි හැකියාවක් පවතිනවා. මෙම අඩු පීඩන කලාපය එතැන් සිට ඉදිරි පැය විසිහතර කාලය තුළදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ.
 

More News..