brand logo

ඉදිරි දින වල වැසි තත්ත්වයේ වැඩිවීමක්

20 May 2019

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දින වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් අද පස්වරුවේ මිලිමීටර් 75 ක පමණ තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කල අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
 

More News..