brand logo

ඉදිරි දින කිහිපය තුල සුළගේ වේගය හා වැසි වැඩි වන ලකුණු

14 January 2019

දිවයින හරහා වයඹ, නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවල සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය හෙට දින සිට තරමක් දුරට වැඩිවන ලකුණු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැගෙනහිර, ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු-මැදපළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් සබරගමුව, මධ්‍යමසහ බස්නාහිර පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස 2.00 න්පමණපසු වැසි හෝ ගිගුරුම්ස හිත වැසිතත්වයක් ඇතිවිය හැකි බවට ඔවුන් පෙන්වා දෙයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
 

More News..