brand logo

ඉදිරි දින කිහිපයේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

21 October 2021

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

දිවයින ආශ්‍රිත වායුගෝලයේ අන්තර් මෝසම් කාලගුණ ලක්ෂණ පවතින බැවින් ඉදිරි දින කිහිපයේ දී බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ හෙට (22) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 01.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබේ.

ඒ අනුව මධ්‍යම, වයඹ, බස්නාහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (21) දහවල් 3.30 සිට එම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත්කර තිබේ. අකුණු හා ගිඟුරුම් සහිත වැසි පවතින අවස්ථාවන්හි දී ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
 

More News..