brand logo

ඉදිරි දින කිහිපයේදී වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

11 February 2020

ඉදිරි දින කිහිපයේදී වැසි සහ සුළං තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ නැගෙනහිර,මධ්‍යම සහ ඌව පළාත් වලත් හම්බන්තොට,පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. එමෙන්ම සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. මේ අතර මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 50ත් 60ත් දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටන් විට පැ.කි.මී. 45ත් 50ත් පමණ දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. මේ හේතුවෙන් ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටීයි.
 

More News..