brand logo

ඉදිරි දින කිහිපයේදී පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක්

20 September 2019

දිවයිනේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවත් අනුරාධපුර, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැකකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..