brand logo

ඉදිරියේ පත්වෙන ආණ්ඩුවේ කාන්තා නියෝජනය අවමයි

08 June 2020

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩ නඟන බොහෝ පාර්ශ්ව දේශපාලනයේ කාන්තා නියෝජනය පිළිබඳ මුනිවත රැකීම කනගාටුවට කරුණක් බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි. එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ පෙන්වා දෙනුයේ මෙවර ඡන්ද හිමියන්ගේ දිනය සමරන මේ මොහොත මෙරට දේශපාලනයේ කාන්තාවට හිමි අවකාශය පිළිබඳව කතා කිරීමට වඩාත්ම සුදුසු බවයි. මෙරට ජන්ද හිමියන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් මෙන්ම වැඩි දායකත්වයක් ලබා දෙන්නේ කාන්තාවන් වන නමුත් කාන්තා නියෝජනයට දේශපාලනය තුළ ලැබී ඇත්තේ අවම ඉඩ පරාසයක් බව ඇය සඳහන් කරයි. පසුගිය කාලයේ පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය සඳහා වූ විවිධ සම්මතයන් ගොඩ නගාගෙන පැවති බවත් සියලුම දේශපාලන පක්ෂ ඊට අනුගතව කටයුතු කළ බවත් පෙන්වාදෙන සුරංගි ආරියවංශ කියා සිටියේ මහ මැතිවරණ නාම යෝජනා ලබාදීමේදී කිසිදු දේශපාලන පක්ෂයක් කාන්තා නියෝජනය සඳහා පුළුල් අවස්ථාවක් ලබා නොදී නොසලකා හැරීම කනගාටුවට කරුණක් බවයි. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේදී තේරී පත්වන ආණ්ඩුව කාන්තා නියෝජනය අවම මට්ටමක පවතින ආණ්ඩුවක් වනු ඇති බව ඇය අවධාරණය කරයි. තුව පවතින බවද ඇය සඳහන් කරයි. ජානක එස්. බණ්ඩාර - කුණ්ඩසාලේ
 

More News..