brand logo

ඉදිරියේ ඇතිවන සන්ධානයක දී ප‍්‍රශ්නය විය යුත්තේ මීළඟ ආණ්ඩුව කුමක් සඳහා ද කුමන අරමුණක් සඳහා ද යන්නයි - ජනපති

17 February 2019

ඉදිරියේ ඇතිවන සන්ධානයක දී ප‍්‍රශ්නය විය යුත්තේ මීළඟ මැතිවරණයේ දී ජනාධිපති හෝ අගමැති කවුද කියන එක නොව මීළඟ ආණ්ඩුව කුමක් සඳහා ද කුමන අරමුණක් සඳහා ද යන්න බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. මහජන එක්සත් පෙරමුණේ 22වැනි සම්මේලනයේ දී ‘‘අපි පතන අනාගතයකට අලූත් ආණ්ඩුවකට අලූත් වැඩ පිළිවෙළක් ’’ යන තේමාව යටතේ ඉදිරිපත් කර ඇති යෝජනාව ඒ ආකාරයෙන්ම සිදුවිය යුතුයි තමන් ස්ථිර කරන බවත් එයට සහයෝගය දෙන අතර එකඟතාව ප‍්‍රකාශ කරන බවත් ජනාධිපතිවරයා කියා සිටි අත එක්සත් ජාතික පක්ෂය මෙහෙයවන්නේ රනිල් වික‍්‍රමසිංහ නොවන බවත් එම තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්නට පිළිතුරු වශයෙන් පුළුල් ජාතික සන්ධානයක් අවශ්‍ය වන බව ද සිරිසේන මහතා කියා සිටියේය. මේ සමුළුවේ දී කථා කරන අන්දමින්ම අලූත් ජාතික සන්ධානයක් සේ අලූත් බලවේගයක් සේ ඊළඟ මැතිවරණයට මුහුණ දිය යුතු බවත් ඒ සන්ධානය නොහදා ජනතා බලවේගය දිනන්න පුළුවන් වේවි යැයි තමන් නොසිතන බවත් ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේය. මේ ප්‍රකාශය ජනපතිවරයා විසින් සිදු කරනු ලැබුවේ කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි නව නගර ශාලාවේ දී අද (17) මුළු දුන් මහජන එක්සත් පෙරමුණේ 22 වන ජාතික මහා සම්මේලනයේදිය.
 

More News..