brand logo

ඉදිරියේදී මරණ ගණන ගැන වැඩියෙන් කතාකරන්න වෙන තත්ත්වයක් දැන් නිර්මාණය වෙලා

06 November 2020

මාස 9ක් පුරාවට කොවිඩ් ආසාදිතයින් පිළිබදව කතාබහ කළ අපට ඉදිරියේදී මරණ සංඛ්‍යාව පිළිබදව වැඩි වශයෙන් කතා කිරීමට සිදුවන තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ දිනකට මරණ 5ක් වාර්තාවීම ඉතාම භයානක තත්ත්වයක් බවයි. මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා.....   දැන් මෙච්චර දවසක් අපි රෝගීන් ගැන කතා කර කර හිටියේ. ඉදිරි සතිය දෙක මා‌සේ වෙන කොට, දෙසැම්බර් මුල වෙන කොට අපිට මරණ ගාණ ගැන වැඩියෙන් කතාකරන්න වෙන තත්ත්වයක් දැන් නිර්මාණය වෙමින් තියෙනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. අපි කිව්වා මේ සමාජය තුළින් රෝගීන් හම්බවෙන්න ගත්ත මොහොතකදී මේ තිබිච්ච චිත්‍රය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙනවා කියලා. දැන් අද ඒක සිද්ධ වෙමින් තියෙනවා. දවසකට මරණ පහක්. හෙට මරණ 6ක් වෙයිද 10ක් වෙයිද නැත්නම් අපිට අනිත් පැත්තට අඩු වෙයිද කියලා තීරණය කරන්න වෙන්නේ අපි මේ මොහොතේදී මේ මරණ ගැන හිතලා හරි තීන්දු තීරණය ගත්තොත්. මාස 9ටම මරණ 13යි. දවස් 14කට ආසන්න කාලයක් ඇතුළත මරණ 16යි. 09 වැනිදා මේ ඇදිරි නීතිය ඉවත් කරනවා නම් අපි තීරණය කළ යුතු කාරණය තමයි අපි රෝග ව්‍යාප්තිය පාලනය කරලද තියෙන්නේ, ආශ්‍රිතයින් සියලුදෙනා හදුනාගෙන ද තියෙන්නේ කියලා. දැන් සමාජයට ඒ වටෙන් ආපු ආසාදිතයින්ගෙන් අවධානමක් නැද්ද. ඒ ආශ්‍රිතයින් පමණක් හදුනාගෙන මදි. පී.සී.ආර්. කරලා ලෙඩ්ඩු කවුද ලෙඩ්ඩු නොවන අය කවුද කියලා අපි තීරණය කරලා ඉවරද. රටේ ආර්ථිකය මේ සියලු දේ එක්ක තීරණය කරන්න ඔ්න වුණාට මේ ‌‌සෙ$ඛ්‍යයේ මූලික හරයන් ටික අමතක කරලා තීන්දු තීරණය ගන්න බැරි දෙයක් මේ වෙන කොට නිර්මාණය වෙලා තියෙනවා.
 

More News..