brand logo

ඉතිහාසය වෙනස් කරමින් එ.ජා.පය මහනුවර මහ නගර සභාවේ අය වැය පරාදයි

21 December 2018

මහනුවර මහනගර සභාවේ 2019 අයවැය පළමු වර කියවීම පාලක එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්දයකින් පරාජයට පත්වුණා. නගරාධිපති කේසර දහම්ගොඩ සේනානායක මහතා විසින් සභාවට අය වැය පළමු වර කිමවීම ඉදිරිපත් තළ අතර විවෘතව ඡන්දය විමසීම සිදුකරනු ලැබුවා. නගරාධිපති කේසර සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මහනුවර මහනගර සභාවේ පාලක එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරුන් 19ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීවරුන් 16ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රීවරු 03ක්, ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීවරු 02ක්, ද්‍රවිඩ ප්‍රගතශීලී සන්ධානයට මන්ත්‍රීවරයෙක් වශයෙන් මන්ත්‍රීවරුන් 41ක මහ නගර සභාවේ ඒ ඒ පක්ෂ නියෝජනය කරනු ලබනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය පළ කළා. මනෝ ගනේශන් මහතාගේ ද්‍රවිඩ ප්‍රගතශීලී සන්ධානයේ මන්ත්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා. පාලක එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 20ක් සහ විපක්ෂව ඡන්ද 21ක් හිමිවුණා. ඒ අනුව පාලක එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්දයකින් 2019 අයවැය පළමුවර කියවීම පරාජයට පත්වුණා. පාලක එක්සත් ජාතික පක්ෂය මහනුවර මහ නගර සභා ඉතිහාසයේ පළමුවරට අයවැයක් මෙලෙස පරාජයට පත්වුණා.
 

More News..