brand logo

ඉතිහාසයේ පළමු වරට සාග් මැරතන් රන් පදක්කම ශ්‍රී ලංකාවට

09 December 2019

දකුණු ආසියානු මැරතන් ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක දිනාගත් පළමු රන් පදක්කම දිනා ගන්නට ඉකුත් දා (06වැනිදා) හිරුණි විජේරත්න සමත් වූවාය. ඒ නේපාලයේදී පැවැත්වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මැරතන් තරගයේදීයි. මෙම තරග ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ හිරුණි එහිදී පැය 2:41:24.00 කාලයක් වාර්තා කරමින් අදාළ රන් පදක්කම දිනාගත් අතර ඇය ඉකුත් දා පැවති ලෝක මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ එකම ක්‍රීඩිකාවද වේ. මීට ඉහත 1999 වසරේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඩී.ඒ.ඉනෝකා විසින් රිදී පදක්කමක් දිනා ගත්තාය. ඉන් 20 වසරකට පසු මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලැබීමද විශේෂත්වයකි. ඇමෙරිකාවේ වාසය කරන හිරුණි මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙළේ මීටර 10,000 ඉසව්ව සඳහාද සහභාගී වූ අතර එහිදී ඇය සිව්වැනි ස්ථානයට පත්විය.
 

More News..