brand logo

ඉතිරි තරඟ දෙකේදී හෝ අපි කරන්න හදනදේ සාර්ථක කරගන්නවා

11 March 2019

දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ ලැබූ පරාජය පිළිබදව ඊයේ (10) මාධ්‍ය වෙත ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග විසින් අදහස් දක්වා තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් තිදෙනෙක් සිටින බවත්, ඔවුන් පසුගිය තරඟ තුනේදීම සාර්ථක වූ බවයි. කෙසේ වෙතත් ඉදිරි තරඟ දෙකේදී හෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව සාර්ථක කර ගැනීමට උත්සාහ කරන බවයි මාලිංග වැඩිදුරටත් කියා සිටියේ. ඊයේ තරගයෙන් අනතුරුව මාලිංග දැක්වූ අදහස් පහතින්...., මං හිතන්නේ පන්දු යවන්නන්ගෙන් අපි බලාපොරොත්තු වුන කඩුළු එක ළග දෙකක් ලබාගැනීම අපිට කොයි‌ වෙලාවකදිවත් කරගන්න බැරි වුණා. ඉතිං මම හිතනවා අපි නිතරම එක කඩුල්ලක් ගත්තාම, තව සබදතාවයක් එගොල්ලන් ගොඩ නගාගන්නවා. මං හිතනවා පහුගිය තරග දෙක තුනේදීම එක ළග කඩුළු දෙකක් ලබාගැනීමට අපිට හැකියාවක් ලැබුනේ නැහැ. අපේ වේග පන්දු යවන්නන්ට කඩුල්ලක් ලබාගත්තේ නැතත්, එතැනටවත් ගේන්න සමත් වුනේ නැහැ. හැබැයි කොහොම වුනත් තරගය යනකොට මේ කාලේදි සිටුවේෂන් එක බලනකොට හැම තරගයක්ම ලකුණු 280ත් 300ත් අතර ලකුණු සංඛ්‍යාවක් යනවා. මේ වගේ ක්‍රීඩා පිටිවල එක පැත්තක් ළගයි බවුන්ඩ්‍රිවලට. 300ක් 310ක් කියන්නේ අපිට ගහන්න පුළුවන් ඉලක්කයක්. නමුත් අපිට අවාසනාවකට අවසන් භාගයේදී පන්දු දෙකක් ගිලිහී ගියා. ඒක නිසා ලකුණු 15ක් 20ක් අපිට වැඩියෙන් ඔවුන් ලබාගත්තා. වැස්සෙන් පස්සේ අපිට හම්බවෙච්ච ටාර්ගට් එකත් එක්ක ඒක ලොකු ටාර්ගට් එකක්. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හොදම අත්දැකීම් බහුල ක්‍රීඩකයින් තුන්දෙනෙක් ඉන්නවා. එයාලා තුන්දෙනාම තරග තුනේදීම හොද තරගයක් දුන්නා. ඩිකොක් පසුගිය තරග දෙකේදී මෙන්ම මේ තරගයේදීත් සාර්ථක වුණා, ශතකයක් ලබාගත්තා. අපි නිතරම බලන්නේ කොහොමද එයාව ඉක්මනට දවාගන්නේ කියලා. නමුත් මේ තරග තුනේදීම අපිට ඒ දේ කරන්න බැරිවුණා. තව තරග දෙකක් තියෙනවා. මං හිතනවා අපි ඒ තරග දෙකේදී හෝ අපි කරන්න හදනදේ සාර්ථක කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
 

More News..