brand logo

ඉතාලියේ සිට ශ්‍රී ලාංකිකයින් 116ක් දිවයිනට

20 November 2020

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට පැමිණ ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1208 දරණ විශේෂ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකිකයින් 116දෙනෙකු අද දහවල් 1.25ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මෙරට තුළ කොවිඩ් දෙවන ආරම්භවීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන අත්හිටුවා තිබුණි. යළිත් එම වැඩසටහන ආරම්භ කරමින් එහි දෙවන කණ්ඩායම ලෙස ඉතාලියේ රැදී සිටි මෙම පිරිස අද මෙලෙස දිවයිනට රැගෙනවිත් තිබේ. මෙලෙස පැමිණි පිරිස ගුවන් තොටුපළ තුළම පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහා යොමු කිරීමට නියමිතයි.
 

More News..