brand logo

ඉතාලියේ කොරෝනා මරණ 2 ක් - ආසාදිතයින් 80 ක්

23 February 2020

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ තවත් මරණයක් වාර්තා වී තිඛේ. කොරෝනා ආසාදනය වීමෙන් ඉතාලියේ සිදුවු පළමු මරණය පසුගිය බ්‍රහස්පතින්දා උතුරු ඉතාලියෙන් මිලාන් නරගයට ආසන්නයේ සිදුව තිබුණා. ඉතාලියේ කොරෝනා ආසාදිතයන් 80 දෙනෙකු හදුනාගෙන ඇත.මේ හේතුවෙන් වැනිසියේ පැවැත්වෙන වාර්ෂික සැණකෙළියද අත්හිටුවීමට සංවිධායකයින් පියවර ගනු ලැබුවා. ඉතාලිය තුල කොරෝනා ආසාදනය වීම වැළැක්වීමට මේ වන විට එරට රජය පියවර රැසක් ගෙන ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කළේ. මේ වන විට ලෝකය පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 78 දහසකට වැඩි වී තිඛේ. වෛරසය ආසාදනයෙන් සිදුවු මරණ සංඛ්‍යාව 2461 ක්.
 

More News..