brand logo

ඉතාලියට ඇතුළුවීමට රටවල් 13කට තහනම්

11 July 2020

ඉතාලියට ඇතුලුවීමේ ආවදානමක් හේතුවෙන් රටවල් 13 ක සංචාරකයන් හා වෘත්තිකයන් සඳහා ඉතාලියට ඇතුලුවීමේ තහනමක් ඊයේ (10දා) සිට පැන වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පැවසීය. බංගල්දේශය, පැනමාව, මෝල්ටාව, පේරු, බ්‍රසිලය, කුවේට්, ඔමාන්, චිලි, ඩොමෙනිකන් රාජ්‍ය, අර්මේනියාව, බොස්නියාව, මැසඩෝනියාව ,බහරේන් එම තහනමට ලක් වු රටවල් වෙයි. එම රටවල් සමග සියලුම නාවික හා ගුවන් ගමන් නැවත දැනුම් දෙනතුරු නවතා දැමු බව සෞඛ්‍ය අමාත්යංශය පැවසීය. ඊයේ දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාධිතයන් 2,42,639 ක් මරණ 34,938 ක් වාර්තා වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසීය. මේ අතරින් සක්‍රීය රෝගීන් සංඛ්‍යාව 13428 දක්වා අඩු වී තිබේ.
 

More News..