brand logo

ඉඩම් සංවර්ධන කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි

05 May 2021

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (04දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ අනුව සභාව තුළ සිටින මන්ත්‍රීවරුන් බහුතරයකගේ ඡන්දයෙන් මෙම පනත් කෙටුම්පත සම්මත කළ හැකි බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායකවරයා ප්‍රකාශ කළේය. මෙම පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට පාර්ශ්ව කීපයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. එය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය කථානායකවරයා වෙත එවා තිබිණි. අජිත් අලහකෝන්
 

More News..