brand logo

ඉඩම් ලියාපදිංචිය ඩිජිටල් වෙයි

05 January 2021

ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් සේවාවක් බවට පත්කිරීම පසුගිය 04 වැනිදා සිට ආරම්භ කෙරුණි. ඒ කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදීයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට ආරම්භ කරන ලද මෙම ක්‍රියාවලිය 2021 වසර අවසන් වන විට දිවයිනපුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 45ක ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම වැඩපිළිවෙල සදහා ඊ-ඉඩම් (e-land) මෘදුකාංගය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ද පසුගිය 04 වැනිදා සිදුකෙරුණි. මෙම නව මෘදුකාංගය තුළින් ඉඩම් හා දේපල ලේඛන අතින් ලියාපදිංචි ක්‍රමවේදය වෙනුවට මෘදුකාංගයක් මගින් ලේඛන ගත කිරීම ලියාපදිංචි කිරීම හා ආපසු නිකුත් කිරීම සිදුකෙරේ. මෙය දේපළ ලියාපදිංචි කිරීමේ කාර්යසාධක බලකායේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා ව්‍යාපාර කිරීමේ පහසුව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඉඩම් ව්‍යාපෘතිය යටතේ ආරම්භ කර ඇත.
 

More News..