brand logo

ඉංජිනේරු පීඨ සඳහා සිසුන් වැඩිපුර ඇතුළත් කරගැනේ

18 September 2020

මෙරට ප්‍රධාන ඉංජිනේරු පීඨ 06ක් සඳහා සිසුන් 405ක් වැඩි කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙන බව වෝඩ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. ලංකාවේ දැනට ප්‍රධාන ඉංජිනේරු පීඨ 06ක් සහිත විශ්වවිද්‍යාල වශයෙන් පවතින පේරාදෙණිය, ජයවර්ධනපුර, යාපනය, රුහුණ, මොරටුව සහ අග්නිදිග විශ්වවිද්‍යාල සඳහා මෙම සිසුන් 405 ඇතුළත් කර ගැනීමට නියමිත ය. “අමාත්‍යවරයා වශයෙන් මා හෝ අප රජය විශ්වවිද්‍යාලවල පරිපාලන කටයුතු සඳහා මැදිහත් වීමට බලාපොරොත්තුවක් නැහැ. අපට අවශ්‍ය අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කොට තිබෙන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව කටයුතු කරන්නට යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එහි ඉලක්කයන් සපුරා ගන්නට. විශේෂයෙන් ම දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළ අතර පවතින නොගැලපීමට පිළියම් සෙවීමට. ඒ සඳහා වෘත්තීය අභිමුඛ පාඨමාලාවක් වන ඉංජිනේරු පාඨමාලාව සඳහා මේ වසරේ නවක සිසුන් 405ක් ඇතුළත් කරගැනීම අප තබන ඉදිරි පියවරක්” යනුවෙන් පැවසී ය.
 

More News..