brand logo

ඇ.ඩො. බිලියනය ඉක්මවූ වත්කම් හිමි මෙරට පළමු ව්‍යාපාරිකයා ඉෂාර නානායක්කාර

28 January 2021

ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඉෂාර නානායක්කාරට අයත් LOLC සමූහ ව්‍යාපාරය මෙරට කොටස් වෙළෙඳපොළේ ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවන වත්කම් හිමි වූ පළමු ස්ථානයේ රැඳෙන සමාගම බවට ඊයේ (27 වැනිදා) පත්විය. ඒ අනුව ඊයේ (27 වැනිදා) දිනය අවසන් වන විට කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු සංගම් අතුරින් ඉහළම ප්‍රාග්ධනයක් හිමි සමාගම බවට LOLC සමූහ ව්‍යාපාරය පත්ව තිබේ. පෙරේදා (26 වැනිදා) දිනයේ ගනුදෙනු අවසානයේ කොටස් වෙළෙඳපොළේ අංක 3 ස්ථානයේ පසු වූ LOLC සමූහ ව්‍යාපාරය ඊයේ දිනයේදී එම ලැයිස්තුවේ අංක 1 සහ 2 ස්ථානවල රැඳුණු ජෝන් කීල්ස් ​හෝල්ඩිංග්ස් සහ ලංකා දුම්කොළ සමාගම අභිභවා යමින් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය. ඒ අනුව LOLC සමූහ ව්‍යාපාරයේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය රුපියල් බිලියන 239 ඉක්මවා ගොස් තිබුණු අතර එය සමස්ත වෙළෙඳපොළෙන් 6% ඉක්ම වූ වටිනාකමක් විය. එසේම ඊයේ (27 වැනිදා) LOLC හි කොටසක මිල රුපියල් 505ක් ලෙසින්ද වාර්තාගත අගයක් ලකුණු කළේය. ඊයේ (27 වැනිදා) දිනයේ ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශිත ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල 198.24ක් වූ අතර එම අගයට අනුව LOLC සමූහ ව්‍යාපාරයේ සමස්ත වෙළෙඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ඉක්මවීය. මේ අතර 2020 වසර ආරම්භයේදී ඉෂාර නානායක්කාර මෙරට අංක එකේ ධනවතා ලෙසින් නම් කෙරුණු අතර කාම්බෝජියාවේ සිදුකෙරුණු ඩොලර් මිලියන 603ක ආයෝජනයක් ඊට හේතු විය. නයන තරංග ගමගේ
 

More News..