brand logo

ඇෆ්ගනිස්ථානය පළමු ටෙස්ට් ජය වාර්තා කරයි

18 March 2019

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සිය මංගල ටෙස්ට ජය වාර්තා කර තිබේ. ඒ අයර්ලන්තයට එරෙහිවය. මෙම තරගය පැවැත් වුනේ ඉන්දියාවේ රජීව් ගාන්ධි ජාත්‍යන්තර පිටියේදීය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් අයර්ලන්ත කණඩායම පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 172ක් රැස්කර ගත් අතර, ඇෆ්ගනිස්ථානය පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 314ක් රැස්කර ගැනීමට සමත් විය. එහිදී රහමට් ෂා ලකුණු 98ක් ලබාගත්තේය. අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් අයර්ලන්ත පිල සියලුදෙනා දැවී ලකුණු 288ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේදී ඇෆ්ගනිසථානයේ රෂීඩ් ඛාන් කඩුළු 5ක් දවා ගනිමින් වාර්තා පොත් අතරට ද එක්විය. ඇෆ්ගනිස්ථාන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නෙකු විසින් ඉනිමකදී කඩුළු 5ක් දවාගත් ප්‍රථම අවස්ථාව ද මෙය වේ. ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 147ක අභියෝගයක් හිමිවිය. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 149ක් රැස්කර ගනිමින් සිය මංගල ටෙසට් ජය වාර්තා කළේය. ඇෆ්ගනිස්ථාන දෙවැනි ඉනිම වෙනුවෙන් රහමට් ෂා ලකුණු 76ක් ලබාගත්තේය.
 

More News..