brand logo

ඇෆ්ගනිස්ථානය පරදවමින් බංග්ලාදේශය ජය ගනී - ශකීබ් ක්‍රිකට් ලෝක වාර්තා අතරට

25 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගය ලකුණු 62කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් විය. ඒ තරගය ලකුණු 62කින් ජය ගනිමිනි. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 262ක් රැස්කර ගත්තේය. එහිදී මුෂ්ෆික රහීම් ලකුණු 83ක් රැස්කර ගැනීමට සමත් විය. ශකීබ් අල් හසන් ලකුණු 51ක් ලබා ගත්තේය. අනතුරුව පන්දුවට පහරදීම සදහා පිටියට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 47කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 200ක් පමණීයි. පන්දු යැවීමේදී ශකීබ් අල් හසන් කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය. ශකීබ් කඩුළු 5ක් දවා ගැනීම සහ පිත්තෙන් ලකුණු 51ක් රැස්කර ගැනීමත් සමග ඔහු තරගයේ වීරයා පමණක් නොව ලෝක වාර්තාවකට ද හිමිකම් කීමට සමත් විය. ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී කඩුළු 5ක් සහ ලකුණු 51ක් ලබාගත් තුන්වන ක්‍රීඩකයා බවට පත්වීමත් සමගය. මෙම වාර්තාවේ පළමු ස්ථානයේ කපිල් දේව් රැදී සිටින අතර, දෙවන ස්ථානයේ යුවරාජ් සිංග් රැදී සිටී.
 

More News..