brand logo

ඇෆ්ගනිස්තානය බංගලිදේශයට ‘නයා පෙන්වයි’

21 September 2018

ආසියානු ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ පැවැති අවසන් තරගයෙන් බංග්ලාදේශය හමුවේ ලකුණු 136 ක ජයක් ලද ඇෆ්ගනිස්තානය සුපිරි කණ්ඩායම් හතර අතර තරගයකදී අද පාකිස්තානය සමගින් තරග වැදීමට නියමිතය. අද පැවැත්වෙන සුපිරි කණ්ඩායම් හතර අතර අනෙක් තරගයේදී ඉන්දියාව සමගින් බංග්ලාදේශය තරග වදියි. මෙවර තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් තරගාවලියට පිවිසි ඇෆ්ගනිස්තානය බංග්ලාදේශයට අමතරව ශ්‍රී ලංකාව ලකුණු 91 කින් පරාජය කරමින් මෙම සුපිරි කණ්ඩායම් හතර අතර තරගාවලියට පිවිසෙනුයේ එම කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම ලෙසිනි.
 

More News..