brand logo

ඇහැළියගොඩ ඇඟලුම් කම්හලක 43කට කොවිඩ්

27 November 2020

ඇහැළියගොඩ දියුරුම්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන 43 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට අද (27) හඳුනා ගෙන තිබේ. මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 1200ක් පමණ පිරිසක් සේවය කරන අතර ඔවුන්ව පසුගියදා නිරෝධායන සඳහා යොමු කර තිබුණි. මීට දින 3කට පෙර ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කළ ඇති අතර එම වාර්තා අද පැමිණීමත් සමඟ මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇත. කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගත් පිරිස ඇහැළියගොඩ, කුරුවිට, වේයන්ගොඩ, දෙහිඕවිට, අවිස්සාවේල්ල, යටියන්තොට, රත්නපුර, පාදුක්ක, බෝකුන්දර, කොස්ගම, හෝමාගම, කරවනැල්ල ආදී ප්‍රදේශවල නිවෙස් නිරෝධායනය වෙමින් සිටි පිරිසකි. මෙම රෝගීන් සියලුදෙනා කහවත්ත සහ ඇඹිලිපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙන අතර තවත් පිරිසකගේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමට නියමිත බව වාර්තා වේ.
 

More News..