brand logo

ඇස්වලිනුත් බෝවිය හැකියි

31 January 2020

කොරෝනා වෛරසය ඇස්වලින් ආසාදනය වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්නැයි ජාතික අක්ෂි රෝහලේ අක්ෂි තාක්ෂණවේදී චමින් රත්නායක මහතා සඳහන් කරයි. කොරෝනා වෛරස ආසාදිත වූවකු කිවිසුම් හරින විට හෝ කහින විට කෙළ බිඳිති වාතයට මුසු වී නිරෝගී පුද්ගලයකුගේ ඇස හරහා ශරීරගත විය හැකි බව ඔහු අවධාරණය කරයි. මේ හේතුවෙන් වෛරසයෙන් බේරීම සඳහා මුඛවාඩම් භාවිත කළද එයින් පලක් නොවන අවස්ථාවන් ඇතිවිය හැකි බැවින් තම තමන්ගේ සෞඛ්‍යය ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්නැයි පෙන්වා දෙයි. ජාතික අක්ෂි රෝහල වෙත පැමිණෙන රෝගීන් මේ ගැන දැනුවත් කිරීම ද කෙරේ. ශ්‍රියානි විජේසිංහ
 

More News..