brand logo

ඇස්ට්‍රාසෙනෙකා ගත් 70ට වැඩි අයගේ ප්‍රතිදේහ වර්ධනයේ පහළ වැටීමක්

30 July 2021

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් මාස හතරකින් අනතුරුව එන්නත ලබා ගත් වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයන්ගේ කාර්යක්ෂම ප්‍රතිදේහ වර්ධනයේ පහළ වැටිමක් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළ පර්‌යේෂණයකින් අනාවරණය වී ඇත.

මෙම පර්‌යේෂණය සඳහා එම විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්තිවේද සහ ජෛව සෛල විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර, මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු 29 දෙනෙකුගෙන් යුත් කණ්ඩයාමක් සහභාගි වී ඇත. මෙම පර්‌යේෂණයට අදාළ වාර්තාව Med Rxiv වෙබ් අඩවියේ පළ කර තිබේ. ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයන් 553 දෙනෙකු සහභාගි කර ගනිමින් මෙම පර්‌යේෂණය සිදුකළ බව ආචාර්ය චන්දිම ජීවන්දර ‘අරුණ’ට පැවැසීය. එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් මාසයකට පසු පුද්ගලයන්ගේ ප්‍රතිදේහ වර්ධනය වීම පිළිබඳව සිදුකළ පර්‌යේෂණයට සාපේක්ෂව පළමු මාත්‍රාව ලබාගෙන මාස හතරකට පසු සිදුකළ පර්‌යේෂණයේදී එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන්ගේ කාර්යක්ෂම ප්‍රතිදේහ වර්ධනය අඩු වී ඇති බවට එම පර්‌යේෂණයෙන් තහවුරු බවත් ඒ මහතා කීවේය. එසේ වුවද එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයන්ගේ ප්‍රතිදේහ වර්ධනයේ පහළ වැටීමක් සිදුවූවද ඔවුන්ගේ ප්‍රතිශක්තිය මාස හතරකට පසු සියයට 93.7ක් ලෙස වැඩි වී ඇති බව පර්‌යේෂණයෙන් තහවුරු වී ඇති වබත් ආචාර්ය ජීවන්දර සඳහන් කළේය. වරුණි පෙරමුණ/ නයන තරංග ගමගේ
 

More News..