brand logo

ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද රාත්‍රීයේ වීථි සංචාරය කෙරේ

14 August 2019

මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද(14) වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ. ඒ අද රාත්‍රී 8.05ට යෙදෙන සුබ මොහොතින් වේ. පෙරහැර දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩන් නික්ම දළදා වීදිය ඔස්සේ ගමන් කර යටිනුවර වීදිය, කන්දේ වීදිය, ත්‍රිකුණාමලය වීදිය ඔස්සේ ගමන් කර එතැනින් රජවීදියට පිවිස යළි දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩින් ගෙවිදීමට නියමිතයි. අද දින අවසන් රන්දෝලි මහපෙරහැරේ කරඬුව වඩමවනු ලබන හස්ති රාජයා අද පස්වරුවේ දියවඩන නිලමේවරයා විසින් තීරණය කිරීමට නියමිතයි.
 

More News..