brand logo

ඇසළ පෙරහරට යුද හමුදාවෙන් විශේෂ භට කණ්ඩායමක් - විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක්

29 July 2019

මෙවර ඇසළ පෙරහැර සදහා යුදහමුදාව විසින් විශේෂ භට කන්ඩායමි යොදවමින් විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක් සකසා ඇති බව යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි. යුද හමුදාපතිතුමන් අද ශ්‍රී දළදා මාළිගයට පැමිණ දළදා සමිදුන් වන්දමාන කරගැනිම සිදු කර ගැනිමෙන් පසුව ඇසල පෙරහැර සදහා අවශ්‍ය වන කොප්පරා ප‍්‍රධානය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වෙමින් හමුදාපති මහේෂ් සේනානායක මහතා කියා සිටියේ පෙරහර නරඹන පිරිසගේ හා පෙරහැරේ ආරක්ෂාව උපරිම අන්දමින් සලසා ඇති බවයි. https://www.youtube.com/watch?v=zfB_8Dt7zN4 හේරත් ඒකනායක
 

More News..