brand logo

ඇවිදින මංතීරු අද සිට විවෘතයි

15 May 2020

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් මසකට අධික කාලයක් වසා දමා තිබූ ඇවිදින මංතීරු අද (15) පෙරවරුවේ සිට විවෘත කර තිබේ. එම අවස්ථාව සනිටුහන් කරමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් ක්‍රීඩා කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ 7 ටොරින්ටන් හි පිහිටි ඇවිදින මංතීරුව විවෘත කළ බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි ඇවිදින මන්තීරු විවෘත කළද කළ ද ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කරමින් ව්‍යායාම ව්‍යායාමවල යෙදෙන ලෙසට පොලිසිය ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.
 

More News..