brand logo

ඇවන්ගාඩ් නඩුවේ සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

27 September 2019

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා සිද්ධියට අදාළව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ සැකකරුවකු අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඇවන්ගාඩ් හී සමුද්‍ර ආරක්ෂක අංශ ප්‍රධානී ලෙස ක්‍රියා කර ඇති මෙම පුද්ගලයා අද අළුයම 00.15ට පමණ සිංගප්පූරුවේ සිට SQ 468 යානයෙන් මෙරටට පැමිණෙමින් සිටිය දී කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සිද්ධියට අදාළ නඩුව අද දින ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ කැඳවීමට නියමිතව ඇත.
 

More News..