brand logo

ඇවන්ගාඩ් නඩුවේ වාචික දේශන ඉදිරිපත් කෙරෙයි

27 April 2021

ගාල්ල වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහි නඩුවේ වාචික දේශන ඉදිරිපත් කිරීම සිදුවිය. ඒ අද (27) කොළඹ මහාධිකරණය හමුවේ ය. ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු විභාගය පැවැත් වෙයි. විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා විසින් සිය වාචික දේශන ඉදිරිපත් කර ඇත. අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම් හෙට (28) දිනට කල් තබා ඇත.
 

More News..