brand logo

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ දින 7ක සිට වාහන ධාවනය නවතී

01 November 2019

පසුගිය දිනවල පැවති අධික වර්ෂාවත් සමග ඇල්ල-වැල්ලවාය මාර්ගයයේ රාවණා ඇල්ල ප්‍රදේශයේ කන්ද නාය ගොස් පාරට පස් ගල් කඩාවැටීමෙන් අවහිර වු මාර්ගයේ පස් හා ගල් මෙතෙක් ඉවත් නොකිරීම හේතුවෙන් වාහන ධාවනය දින හතක් තිස්සේ නැවති තිබෙන බව පොලීසිය පවසයි. ඇල්ල-වැල්ලවාය මාර්ගයේ සියලුම ප්‍රවාහන පහසුකම් සම්පුර්ණයෙන්ම නැවතී තිබීම නිසා ප්‍රවාහන පහසුකම් නොමතිව ඇතැම් රාජ්‍ය සේවකයින් ලෙඩ නිවාඩු දමා නිවෙස් වල සිටින බවද කීය. මාර්ගය අවහිර වීම නිසා මෙම මාර්ගයේ ගමන් කළ වාහන බදුල්ල-පස්සර-බුත්තල හරහා වැල්ලවායටත්, හපුතලේ-කොස්ලන්ද හරහාත්, බණ්ඩාරවෙළ අඹදණ්ඩේගම හරහා ගමන් කරන රියදුරන්ට අමතර සැතපුම් 30-40ක දුරක් වාහන ධාවනය කිරීමට සිදුව තිබේ. රාවණා දියඇල්ල නැරඹීමට සංචාරකයින් නොපැමිනීම නිසා මාර්ගය අවට වෙළදාම් කළ අයද අසරණ වි සිටී. පසුගිය 25 දින පැවති අධික වර්ෂාවත් සමග රාවණා කන්ද නාය ගොස් අවහිර වු මාර්ගය මෙතෙක් ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි වී ඇත්තේ පවතින වර්ෂාවත් සමග කන්ද තව තවත් නාය යන නිසා බව කියන මාර්ග සංවර්ධන අධිකාරිය කියා සිටියේ වැස්ස අඩුවු පසු මාර්ගය යථා තත්වයට පත්කරන බවයි.  
 

More News..