brand logo

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජනපතිවරණය ගැන අදහසක් ගන්න පුළුවන්

06 September 2019

එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රශ්න තිබෙන බව සත්‍යයක් බවත් එය සැඟවීමට දෙයක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි. “අගමැතිතුමත් සජිත් ප්‍රේමදාසත් වෙන කවුරුත් නියෝජිතයෝ යවන්නේ නැතිව ඒ දෙන්නා තනියෙන් මේ සම්බන්ධයෙන් මොකක්ද කරන්න යන්නේ කියලා කතා කරගෙන දෙදෙනා එකතු වෙන්නේ නැතිව මේ ගමන යන්න බෑ,” යනුවෙන් බීබීසී සමග පැවති සාකච්ඡාවකදී ඇය සඳහන් කර ඇත. ජනාධිපතිවරණයට කලින් පැවැත්වෙන බෙන්තර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මගින් ජනාධිපතිවරණයේ දී විය හැක්කේ කුමක් ද යන්න අනුමාන කළ හැකි වනු ඇති බවය. පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයාගේ නම සුදුසු අවස්ථාවේ හෙළිදරව් කෙරෙනු ඇති බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සඳහන් කර ඇත.
 

More News..