brand logo

ඇල්පිටිය දිනවන්න සජිත්ට නායකත්වයේ බලතල - පැරදුනොත් නොහැකියාව පිළිගත යුතුයි

05 September 2019

එක්සත් ජාතික පක්ෂය ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කරා මෙහෙයවීමට එජාපයේ සම්පූර්ණ නායකත්වයේ බලතල නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට පවරා දීමට සූදානම් බව එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි. පක්ෂ නායකත්වයද සහිතව ඇල්පිටිය මැතිවරණය ජයගත නොහැකි වුවොත් ඇමති සජිත් පේ‍්‍රමදස මහතා තම නොහැකියාව පිළිගත යුතු බව සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් කර ඇති කරන ලද යෝජනා ගැන අදහස් පල කරමින් රනිල් පාර්ශවයේ ප්‍රබලයෙකු මෙම අදහස් පළ කළේය. මෙම අභියෝගය සජිත් ප්‍රේමදාස මහතා බාර නොගන්නේ නම් වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැතිවරණයට මුහුණ දී එය ජය ගැනීමටද සූදානම් බවත් ඔහු එවන් තත්ත්වයකදී පක්ෂ නායකත්වයට එරෙහිව කැරලි ගසා පක්‍ෂය බේද බින්න නොකල යුතු බවත් යම් සුදුසු තනතුරක් තිබේනම් ඒවා නිසි අවස්ථාවේ එය ලැබෙනු ඇති බවත් සඳහන් කළේය.
 

More News..