brand logo

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කෙරෙයි

19 June 2019

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ඇති බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමග ජපානයේ පැවැත්වෙන ජී 20 සමුළුවට සහභාගී වීම සඳහා යාමට සිදුවී ඇති බැවින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇති බව එහි දැක්වෙන අතර ලබන 24 වන දා සිට 30 වන දා අතර කාලය තුළදී සැලසුම් කර තිබූ ආසියානු සංචාරය අතරතුරදී රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණි.
 

More News..