brand logo

ඇමෙරිකානු තානාපති විදෙස් ඇමති හමුවෙයි

29 May 2022

ඇමෙරිකාවේ අඛණ්ඩ සහය ශ්‍රී ලංකාවට

රට මුහුණදෙන අභියෝග අවම කරගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සහ මෙරට ඇමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් අතර හමුවක් සිදුව ඇති බවට විදේශ කටයුතු අමාත්‍යංශය වාර්තා කර තිබේ. එහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනතාව මුහුණදෙන දුෂ්කරතා අවම කරගැනීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් ලබාදීමට මෙන්ම පැහැදිලි ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග සොයා බැලීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ සමඟ පැවති සාකච්ඡා පිළිබඳව ද අමාත්‍යවරයා විසින් තානාපතිනිය දැනුවත් කර ඇත. අමෙරිකානු තානාපති ජුලි චන්ග් ප්‍රකාශ කර ඇත්තේ රට තුළ පවතින අභියෝග පිළිබඳව තමන් මනා අවබෝධයකින් පසුවන අතර මෙම දුෂ්කර අවස්ථාවේ දී අමෙරිකාව ශ්‍රී ලංකාවට සිය අඛණ්ඩ සහාය පිරිනමන බවයි.
 

More News..