brand logo

ඇමැති සැපෙන් නැළවි නැළවි ‌සෙකට්‍රි නෝනා බැබළෙයි

18 December 2019

විශාල උදරයකට හිමිකම් කියන ඔහු කුමන පක්ෂයක් බලයට පත් වුවද හැමදාම කැබිනට් ඇමැතිවරයෙකි. කලක් ඔහු අගමැතිවීමේ සිහින දැක්කේය. සුබ මොහොතක් බලා මෙවරත් ඉහළ පෙළේ අමාත්‍යාංශයක් හිමි කරගත් ඔහු සිය සැප රියෙන් අමාත්‍යාංශයට ගියේ වැඩ භාර ගැනීමටය. එලෙස ගිය ඇමැතිගේ පිටුපසින් පැමිණියේ මනා රූසපුවකින් හෙබි අවුරුදු 30ත් 35ත් අතර පෙනුමක් ඇති ලලනාවකි. ඉඟසුග නළවමින් ගමනේ යෙදෙන ඇය ඇමැතිවරයා අසලටම වී සිටියාය. සුබ මොහොතින් ඇමැතිවරයා වැඩ භාර ගන්නා අවස්ථාව උදා විය. ඇමැතිවරයා සමග පැමිණි ලලනාව වහා සිය පසුම්බිය විවෘත කර එහි තිබූ පෑනක් ගෙන ඇමැතිවරයාට දිගු කළාය. වැඩ භාරගැනීමෙන් පසු ඇමැතිවරයා ප්‍රවාහන නිලධාරී කැඳවා අමාත්‍යාංශයේ තිබෙන වාහන ගැන විමසුවේය. ‘‘මේ මැඩම්ටත් හොඳ වාහනයක් දෙන්න’’ යැයි ප්‍රවාහන නිලධාරිවරයාට අණ කළේය. අනතුරුව ඇමැතිවරයා කතා කළේ සැපයුම් අංශයේ ප්‍රධානියාටය. ‘‘මගේ වාහනයත් එක්කම පිටිපස්සෙන් එන්නේ මේ මැඩම්ගේ වාහනේ. මැඩම්ගේ වාහනයේ වීදුරු කලුපාටින් ටින්ටඩ් කරන්නත් ඕනේ. මගේ කාමරය ළඟින්ම මේ මැඩම්ටත් කාමරයක් හදන්න ඕන. මම ඒ ගැන බලන්න එනවා’’ යැයි ඇමැතිවරයා සැපයුම් අංශ ප්‍රධානියාට කීවේය. ‘‘සර් මේ මැඩම් කවුද’’ එක් නිලධාරියෙක් හීන් සීරුවේ ඇමැතිවරයාගෙන් ඇසුවේය. ආ.. ඒ.. මේ මගේ ප්‍රයිවට් සෙකට්‍රි නෝනානේ යැයි ඇමැතිවරයා ඒ නිලධාරියාට පිළිතුරු දුන්නේ මනමාල සිනාවකිනි.
 

More News..