brand logo
logo

ඇමැති නැගනියත් PCR මගඩියකට අහුවෙලා

30 October 2020

ශ්‍රී ලංකාවේ හිටපු අගමැතිවරයෙකු වන රත්නසිරි වික්‍රමනායකගේ දියණිය මෙන්ම වත්මන් රාජ්‍ය අමාත්‍යවරයෙකු වන විදුර වික්‍රමනායකගේ නැගනිය වන වෛද්‍ය තුෂාරා වික්‍රමනායක පසුගිය දිනෙක විදෙස් රටක සිට මෙරටට පැමිණ තිබේ. ඇය නිරෝධායනය වීම සදහා මීගමුවේ සුපිරි හෝටලයකට රු.175,000ක් ගෙවා ඇති අතර, ගුවන් සමාගම වෙනුවෙන් රු. 25,000ක මුදලක් ගෙවා ඇත. ඇගේ නිරෝධායන කාලසීමාව අද (30) දිනයේ අවසන් වන අතර, ඒ අනුව ඇය අද පස්වරු 4.00ට නිවෙස බලා යාමට නියමිතව තිබුණි. නමුත් එය එසේ සිදුනොවීය. ඊට හේතුවූයේ පසුගිය 26වැනිදා ඇගෙන් ගත් දෙවන පී.සී.ආර්. සාම්වල නිසියාකාරව ගෙන නොමැති බවට නිලධාරියෙකු පැවසීමත් සමගය. ඒ අනුව ඇයට තවත් දින 4ක කාලයක් හෝටලයේ රැදී සිටීමට සිදුවන බවත්, පුද්ගලිකව තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකළ ගත යුතු බවට එහි සිටි පුද්ගලයෙකු පවසා තිබේ. ඊට ද ඇයට වෙනම ම මුදල් ගෙවීමට සිදුවනු ඇති. ඇය මේ පිළිබදව අද ඇගේ නිල ෆේස්බුක් ගිණුම හරහා කළ හෙළිදරව්වයි මේ....
 

More News..