brand logo

ඇමැති අමරවීරට තොප්පියක්

11 June 2021

පොල්කොහුවලින් පරිසර හිතකාමී වැඩක් කරලා ලැබුණු දේ මෙන්න

පොල් කොහු පමණක් භාවිත කර පරිසර හිතකාමී හිස් වැසුමක් (Safty Helmet) පරිසර ඇමැතිවරයාට හඳුන්වා දීමට සමාගමක් කටයුතු කරන ලදී. Coir Creations පුද්ගලික ආයතනය විසින් නිපදවා තිබෙන මෙම හිස් වැසුම ප්ලාස්ටික් හා වෙනත් කෘත්‍රිම ද්‍රව්‍ය යොදා නිපදවන ලද හිස් වැසුම්වලට වඩා සෞඛ්‍යාරක්ෂිතය. [caption id="attachment_150725" align="alignnone" width="532"] කොහු හිස්වැස්ම පරිසර ඇමතිවරයාට පිලිගැන් වූ අවස්තාව[/caption]

හිරු එළිය උරාගැනීම, පහසුවෙන් සෝදා පිරිසිදු කිරීමට ඇති හැකියාව, අඩු බරකින් යුක්තවීම, වියළි කාලගුණික තත්ත්වයකදී වුවද හිසට අපහසුතාවක් නොදැනීම, අනෙකුත් හිස් ආවරණවල මෙන් දුර්ගන්දයක් පිට නොවීම මෙම පොල් කොහු හිස් ආවරණයේ සුවිශේෂිත්වයයි.

සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ සී. ජේ. ගමගේ ඇතුළු කණ්ඩායම මෙම හිස් ආවරණය පරිසර ඇමැති මහින්ද අමරවීමට හඳුන්වා දුන්නේය. තෙල් විසිරීමකදී ජල දූෂණය වළක්වා ගැනීම සඳහා යොදා ගත හැකි තෙල් උරාගන්නා නිෂ්පාදන කීපයක්ද මෙහිදී හඳුන්වා දෙන ලදී. දේශීය කර්මාන්තකරුවන් දිරිමත් කිරීමට රජය නිරතුරු මැදිහත් වන බවද ඇමැතිවරයා පැවැසීය. සාලිය කුමාර ගුණසේකර
 

More News..