brand logo

ඇමැතිවරයෙක් සහ පාතාලයෙක් පස්වලට මරා ගනී

01 February 2020

පස් කොන්ත්‍රාත් සම්බන්ධයෙන් ඇමැතිවරයෙක් හා පස් පාතාලය අතර ඇති වූ ආරවුලක් මේ වන විට ගැටුමක් දක්වා වර්ධනය වෙමින් පවතින බව බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරයි. ප්‍රධාන පෙළේ සමාගමක කටානේ පිහිටි ඉඩමක පස් පිරවීම සම්බන්ධ කොන්ත්‍රාත්තුව අදාළ දේශපාලනඥයාට අයත් කණ්ඩායමක් කරගෙන ගියද මීගමුව, මිනුවන්ගොඩ ප්‍රදේශවල මෙතෙක් පස් පිරවීමේ ඒකාධිකාරිය පවත්වාගෙන ගිය දූනගහ සුජී නමැති පාතාල නායකයා බලහත්කාරයෙන් පස් පිරවීමට යාම මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවීමට හේතුව වී ඇත. නීතිවිරෝධී ලෙස පස් පුරවන පාතාල කණ්ඩායම්වලට අයත් බැකෝ යන්ත්‍ර හා දේශපානඥයාගේ සහෝදරයන්ට අයත් බැකෝ යන්ත්‍රද පසුගිය දිනවල බස්නාහිර උතුර පළාතේ විශේෂ පොලිස් කණ්ඩායම් විසින් අල්ලා අධිකරණයට ඉදිරිපත් කර තිබේ. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..