brand logo

ඇමරිකානු සෙබළ මුලක් හොර රහසේ ලංකාවට ඇතුළු වෙලා

06 June 2021

මියන්මාර රජය අවුල් කළ නිළධාරියකුත් ඒ අතර?

ලංකාවට ගුලිය ඇඹරූ සමන්තා පවර්ගේ බැටෑලියන් එක රහස් මෙහෙයුම අරඹයි

ජාත්‍යන්තර සංවර්ධන සඳහා ඇමරිකානු කාර්යාංශයේ (යූ.එස්.එඩ්) මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු සඳහා ඇමරිකානු හමුදාවේ හිටපු නිලධාරීන් කිහිපදෙනකු රහසිගතව මෙරටට ඇතුළුවීම සම්බන්ධව ඉහළ පෙළේ විමර්ශනයක් අරඹා ඇත. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ රාජා ගුණරත්න ආරක්ෂක අමාත්‍යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මේ සම්බන්ධව විමර්ශන අරඹා ඇත. සංචාරක වීසා මත මෙම කණ්ඩායම් මෙරටට පැමිණ ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ දැනුවත් කර නොමැතිව බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ තහවුරු කර ඇත. මේ අනුව මේ සම්බන්ධ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විමසීම සම්බන්ධව ඉකුත් සිකුරාදා (04 වැනිදා) විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණ සාකච්ඡා අරඹා තිබිණි. [caption id="attachment_149375" align="alignnone" width="448"] අද්මිරාල් ජයනාත් කොළඹගේ[/caption] දැනට අරඹා ඇති බුද්ධි අංශ විමර්ශනවලින් සංචාරක වීසා මත මෙරටට පැමිණි ඇමරිකානු හමුදාවේ සේවය කර පැමිණි නිලධාරියකු හඳුනාගෙන ඇත.

මෙම නිලධාරියා මීට පෙර සේවය කර ඇත්තේ රාජ්‍ය යාන්ත්‍රණය අවුල් සහගත තත්ත්වයට පත්කළ මියන්මාරයේ බව අනාවරණය වී ඇත. මෙම නිලධාරීන් මෙරටට පැමිණීමේ යම් අරමුණක් තිබේද? රට තුළ අර්බුද ඇතිකිරීමට හෝ තොරතුරු පිටට ලබාදීමටද යන්න පිළිබඳව දැනට සොයාගෙන යන බව ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේය.

[caption id="attachment_149384" align="alignnone" width="694"] මියන්මාරයේ අර්බුධය[/caption]
දැනට කෙරෙන විමර්ශනවල අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්ද මොවුන් පැමිණි ආකාරය සෙවීමට ප්‍රකාශ ලබාගෙන ඇත. ඊට අමතරව යු.එස්. එයිඩ් සංවිධානය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන වෙත මුදල් පැමිණි ආකාරය සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් අංශයේ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇත. [caption id="attachment_149378" align="alignnone" width="572"] ආරක්ෂක අමාත්‍යංශය[/caption] මේ සම්බන්ධව ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද දැනුවත් කර ඇත. යූ.එස්. එයිඩ් සංවිධානයේ ප්‍රධානියා ලෙස සිටින්නේ එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත සමන්තා පවර් ය. [caption id="attachment_149379" align="alignnone" width="573"] සමන්තා පවර්[/caption] ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයේ සහ ඇමරිකානු රජයේ සම අනුග්‍රහය යෝජනා ගෙන එන්නේද ඇගේ කාලයේදීය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..