ඇමරිකානු සෙබළ මුලක් හොර රහසේ ලංකාවට ඇතුළු වෙලා
06 June 2021
ඇමරිකානු සෙබළ මුලක් හොර රහසේ ලංකාවට ඇතුළු වෙලා
06 June 2021
මියන්මාර රජය අවුල් කළ නිළධාරියකුත් ඒ අතර?
ලංකාවට ගුලිය ඇඹරූ සමන්තා පවර්ගේ බැටෑලියන් එක රහස් මෙහෙයුම අරඹයි
ජාත්‍යන්තර සංවර්ධන සඳහා ඇමරිකානු කාර්යාංශයේ (යූ.එස්.එඩ්) මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු සඳහා ඇමරිකානු හමුදාවේ හිටපු නිලධාරීන් කිහිපදෙනකු රහසිගතව මෙරටට ඇතුළුවීම සම්බන්ධව ඉහළ පෙළේ විමර්ශනයක් අරඹා ඇත.

දැනට කෙරෙන විමර්ශනවල අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්ද මොවුන් පැමිණි ආකාරය සෙවීමට ප්‍රකාශ ලබාගෙන ඇත. ඊට අමතරව යු.එස්. එයිඩ් සංවිධානය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන වෙත මුදල් පැමිණි ආකාරය සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් අංශයේ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇත. [caption id="attachment_149378" align="alignnone" width="572"]මෙම නිලධාරියා මීට පෙර සේවය කර ඇත්තේ රාජ්‍ය යාන්ත්‍රණය අවුල් සහගත තත්ත්වයට පත්කළ මියන්මාරයේ බව අනාවරණය වී ඇත. මෙම නිලධාරීන් මෙරටට පැමිණීමේ යම් අරමුණක් තිබේද? රට තුළ අර්බුද ඇතිකිරීමට හෝ තොරතුරු පිටට ලබාදීමටද යන්න පිළිබඳව දැනට සොයාගෙන යන බව ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේය.
[caption id="attachment_149384" align="alignnone" width="694"]මියන්මාරයේ අර්බුධය[/caption]

