brand logo

ඇමරිකානු පාර්ලිමේන්තු කොරෝනා පොකුරක්!

14 January 2021

    ඇමරිකාවේ පාර්ලිමේන්තුව සේ සැලකෙන එරට කොංග්‍රසය ආශ්‍රිතවද කොරෝනා වයිරසය පැතිරීමේ අවදානමක් මතු වී ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය ඇතිව තිබෙන්නේ පසුගිය දා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් පිරිසක් කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදීමේ සිද්ධියෙන් පසුවය. මෙහි දී ඇතැම් මන්ත්‍රීවරුන් මෙම කළහකාරීන්ගෙන් බේරීම සඳහා ආරක්‍ෂිත කාමරවලට රිංගාගෙන සිට ඇති අතර ඔවුන්ගෙන් සමහරුන් මුහුණු ආවරණ නොපැලඳ සිටි බව වාර්තා වේ. වයිරසය මන්ත්‍රීවරුන් අතර පැතිරෙන්නට පටන්ගෙන ඇත්තේ මේ නිසා බවට සැක කෙරේ. මෙම සිද්ධියෙන් පසු මේ වන විට මන්ත්‍රීවරුන් තුන් දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. ආසාදිතයන් සංඛ්‍යාව තව ඉහළ යා හැකි බවක් වෛද්‍ය විශේෂඥයන් ප්‍රකාශ කර ඇත. ඔවුන් සඳහන් කරන්නේ මෙම තත්ත්වය තුළ කොංග්‍රස් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් තිබෙන බවයි. සහන් වික්‍රමගේ
 

More News..