brand logo

ඇමරිකානු ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් කන්සල්ටිං කෝපරේෂන් විසින් කොමර්ෂල් ඩෙවලප්මන්ට් සමාගම ‘ආසියාවේ වඩාත්ම විශ්වාසවන්ත සමාගම’ ලෙස තෝරා ගනියි

16 February 2020

ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් කන්සල්ටිං කෝපරේෂන් නමැති ඇමරිකානු බහුජාතීය ව්‍යාපාරික උපදේශන සහ වෙළෙඳපොළ සමීක්ෂණ ආයතනය විසින් කොමර්ෂල් බැංකුවට අනුබද්ධ කොමර්ෂල් ඩෙවලප්මන්ට් කම්පනි පී.එල්.සී. සමාගම දේපොළ අංශය යටතේ 2019 වසරේ ‘ආසියාවේ වඩාත්ම විශ්වාසවන්ත සමාගම’ ලෙසින් තෝරාගෙන තිබේ. විවිධ කර්මාන්ත ක්‍ෂේත්‍රවල ආසියාව පුරා විසිරුණු සමාගම් 1000 කට වැඩි සංඛ්‍යාවක් අතුරින් ආසියාවේ වඩාත්ම විශ්වාසවන්ත සමාගම් ලෙසින් සම්මානයට පාත්‍ර කළ සමාගම් 50 අතරට කොමර්ෂල් ඩෙවලප්මන්ට් සමාගම තේරී පත්වීම මෙහිදී කැපී පෙනේ. අලෙවිකරණ තත්ත්වය අනුව විවිධ ක්‍ෂේත්‍රවල නායකත්වය ඇගයීමට ආසියාවේ වඩාත්ම විශ්වාසවන්ත සමාගම් යන සම්මානය මගින් ගෞරවණීය ව්‍යාපාරික නායකයින් බුහුමනට ලක් කරයි. මෙම සම්මානය මගින් අවංකත්වයෙන් යුතුව සමාජයට විශාල වශයෙන් ප්‍රතිලාභ ලැබෙන ලෙස සිය ව්‍යාපාරික කාර්යසාධනය වර්ධනය කරගත් ආයතන ඇගයීමට ලක් කෙරේ. ආසියානු ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් දැක්වූ විවිධ වූ ව්‍යාපාරික ක්ෂේතවල ආයතන විසින් මෙම ගෞරවණීය සම්මානය ජයග්‍රහණය කරන ලදී.
 

More News..