brand logo

ඇමරිකානු ආරක්ෂක ලේකම්ගෙන් ජනපතිට සුභපැතුම්

31 August 2020

ඇමරිකානු ආරක්ෂක ලේකම් මාක් ටී. එස්පර්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇත. ඒ දෙරට අතර ආරක්ෂක සබඳතා තවදුරටත් වර්ධනය කරලීම පිළිබඳව සාකච්ඡා කර ඇත. මේ අතර ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ කොවිඩ් 19 ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී දෙරට අතර සහයෝගීතාව සහ ජාත්‍යන්තර ආරක්ෂක වාතාවරණය පිළිබදව ද එහිදී සාකච්ඡාවට ගෙන ඇති බවයි. සමුද්‍ර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කරලීම පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු වූ අතර, මානව හිමිකම් හා සංහිදියාව පිළිබඳ අඛණ්ඩ ප්‍රගතියක් ලැබීම උදෙසා දිරි ගැන්වීමක් සිදුකළ බව ද ඇමරිකානු ආරක්ෂක ලේකම් මාක් ටී. එස්පර් වැඩිදුරටත් සඳහන් කර ඇත.
 

More News..