brand logo

ඇමති විමල් නිරෝධායනයට

29 July 2021

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (29) සිට දින 14ක් ස්වයං නිරෝධායනයට යොමුවී ඇත. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරක්ෂක අංශයේ සේවය කරන පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගැනීම නිසා අමාත්‍යවරයා මෙලෙස නිරෝධායනයට යොමු වී තිබේ. මේ පිළිබඳ අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති අතර එම සටහන පහතින් දැක්වේ. "මාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගැනීම නිසා ඔවුන්ගේ ආශ්‍රිතයෙක් ලෙසත් මේ අවස්ථාවේ මාගේ සමාජ වගකීමක් ලෙසත් සලකා මම ද අද(29) සිට දින 14ක් නිවසේ සිට නිරෝධායනයට ලක්වීමට තීරණය කළෙමි. කර්මාන්ත අමාත්‍යංශයේ මාගේ අමාත්‍ය කාර්යාලයත් විෂබීජහරණයට පියවර ගත් අතර දින 14ක් එම අංශය ද වසා ඇත. අමාත්‍යංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර අමාත්‍යාංශයට පැමිණීමෙන් තොරව හැකිතාක් දුරස්ථ ක්‍රම මගින් කටයුතු කරන ලෙස දැනුම් දෙමි." - කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ 2021-07-29 No photo description available.
 

More News..